Showing posts with label මගේ සටහන්. Show all posts
Showing posts with label මගේ සටහන්. Show all posts

Monday, February 5, 2018

හර්ද සාක්ෂිය.....


අපිට අපේ ජීවිත දිහා බලන්න හොඳම කැඩපත තමයි හර්ද සාක්ෂිය.ඒකට එකඟව වැඩ කරනවා නම් මිනිස්සු හොර වැඩ ජරා වැඩ කුහක කම් කරන්නේ නෑ කවදාවත්.තමන් කරන දේ මොකද්ද ලෝකෙට පෙන්නනේ මොකද්ද හැබැයි හිතේ ඇත්තටම තියන අදහස මොකද්ද කියන තුනම එකක් වෙනවා නම් කියලා වැඩක් නෑ.අංක එකේ genuine මිනිස්සු කියන්නේ අන්න ඒ අයට.එහෙම කෙනෙක් හොයාගන්නවා කියන්නේ කළු නික හොයනවා වගේ වැඩක්.අඩු වැඩි වශයෙන් මම අපි හැමෝගෙමත් ඒ ගතිය නැති වෙලාවල් තියනවා.හැබැයි එහෙම ගතියක් ඇත්තෙම නැති අය තමයි වැඩි.
හර්ද සාක්ෂියට පිටුපාන්න අපිට තියා සතෙකුටවත් බැහැ.හොරා කාපු බල්ලෙක් බලලෙක් උනත් නැට්ට අකුලාගෙන බිම බලාගෙන ශේප් එකේ මාරු වෙන්න හදන්නේ උන් වරදක් කළා කියලා උන් දන්නා නිසා.

හැබැයි හොර බොරු වංචා කුහක කම් කරලා,ඉරිසියා කරලා හිත වල නරක අදහස් තියාගෙන ලෝකෙට හොඳ මුණ පෙන්නන මුකුත් නොකරා වගේ සත් ගුණවත් මිනිස්සු වගේ කිසි පීඩනයක් නැතුව ඉන්න මිනිස්සු අර හොරා කාපු බල්ලෝ බලලුන්ටත් හපන්.

කියමනක් අහලා තියනවා “කරන්න බැරි දේවල් කිව්වට කමක් නෑ කියන්න බැරි දේවල් කරන්න එපා”කියලා.ඕක තමයි ඉතිං අවංකව ජීවත් වෙන එකේ පදනම.

Sunday, January 7, 2018

ෂා එෆ් එම් වාලම්පුරිය...

සෑහෙන දවසකින් එන්න බැරි උන එකට සමාව ඉල්ලනවා මුලින්ම.බ්ලොග් යාළුවො හැම දෙනාටම වැඩි වැඩියෙන් ලස්සන දේවල් ලියන්න හිතෙන සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

             මේකයි කතාව...මගේ මහත්තයා ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්.ජනවාරි 1වෙනිදා පෝය නේ.ඒ නිසා මුකුත් වැඩක් තිබුනේ නෑ.දෙවැනිදා ඉඳන් තමයි හැමෝම වැඩ පටන් ගත්තේ.මගේ ඔෆිස් එකේ පැවැත්වෙන පිරිත් සහ තේ පන් සංග්‍රහයට පොඩි කෑමකුත් හදාගෙන උදේ 6.30 අපි දෙන්නා මගේ ඔෆිස් එකට ආවා.මාව බස්සලා එයා ආපහු ගියා.ගෙදර ගිහින් කාලා බීලා කලින් බාරගෙන තිබුන ප්ලෑන් එකකුයි ඇස්තමේන්තුවකුයි අදාළ කෙනාට ගිහින් දෙන්න පිටත් උනා.ඒක දීලා වසරේ පලවෙනි ලැබීම විදියට ප්ලෑන් එකට අදාළ මුදලත් අරගෙන අක්කගේ හොටෙල් එකට ගියා අවුරුද්දේ අක්කවත් බලල එන්න.ඒ කඩේ ජෝඩුවක් ඉඳගෙන තේ බොන ගමන් අක්කාගෙන් ඇහුවලු මේ නිවාස සැලසුම් බෝර්ඩ් එකේ තියන කෙනා කව්ද එයාව කොහොමද අපි හම්බෙන්නේ කියලා..එතකොට මගේ මහත්තයත් එතනලු.අක්කා ඉතිං මේ ඉන්නේ කියල එයාව පෙන්නලා.

           ඊට පස්සේ අදාළ තොරතුරු කතා කරගෙන ඉඩම බලන්න යන්න වෙලාවක් දාගෙන ඒ වැඩේ එතනින් ඉවරයි.අක්කටයි මල්ලිටයි දෙන්නටම සතුටුයි අවුරුද්දේ වැඩ පටන් ගත්තු දවසෙම ප්ලෑන් එකක් ආවනේ.එතකොටම තව අන්කල් කෙනක් ඇවිල්ලා තවත් ප්ලෑන් එකක් ඇඳගන්න.එයත් එක්කත් ඒ අදාළ විස්තර කතා කෙරුවලු.
          "පුතා වජිර හවුස් එකේ වැඩ කරාද?" ඒ අර අන්කල්
         "නෑ අන්කල්"
         "හරි පුතා අපි තට්ටු දෙකට ගේ හදන්න හිතන් ඉන්නේ.ඉඩම බලන්න යමුද"
         "අන්කල් ට හදිස්සිම නම් මම දැන් එන්නම්.ලොකු හදිස්සියක් නැත්නම් වෙන වෙලාවක එන්නම්.එන පාර කියන්නකෝ."
         අන්කල් යන පාර කිව්වලු.
         "අන්කල් කවදට වගේද වැඩ පටන් ගන්න ඉන්නේ."
         අන්කල් නෝ කතා..ටිකකින් මුලින් කියපු ටිකයි ගෙදරට යන පාරයි ආයේම කිව්වලු.
         වයසක කෙනෙක්නේ කමක් නෑ කියලා මෙයා කිව්වලු,
        "එහෙනම් අන්කල් යමු මම පිටිපස්සෙන් එන්නම් ඉඩමට"කියලා.
දෙන්නා යනවා...ඉස්සරහින් අන්කල් ඒ පාරේම මෙයත් යනවා.ඇතුලට ඇතුලට සැහෙන දුරක් ගිහින් පුංචි ගේ පොඩ්ඩක් එක්ක තියන ඉඩමකට ආවලු.
         "පුතා මේක තමා ඉඩම.මේකේ අර පැත්තට වෙන්න තමයි ගේ හදන්න ඉන්නේ."
        එතකොටම ඇන්ටි ආවලු එලියට.
        "අපි අපේ පුතාට තමයි ගේ හදන්නේ.එයාට ඕන විදියට තමයි හදන්න ඕන.එයත් එක්කත් කතා කරලා බලමු.එයා සල්ලි ටික ආව ගමන්ම මේ මුළු වත්ත වටේටම වැට ගහනවා කිව්වා."ඒ ඇන්ටි.
       "එහෙනම් අපි දිශා ටික එහෙම බලමුකෝ"කියලා අපේ එක්කෙනා මාලිමාව එහෙම එලියට අරන් බැලුවාලු.එතකොටම ඇන්ටි ගෙට ගිහින් කොලේකුයි පෑනකුයි අරන් මොනවදෝ ලියනවලු...අන්කලුයි ඇන්ටි අමුතු විදියට හිනා වෙවී ලු මේ හැමදේම කියන්නේ කරන්නේ.මෙයාට ටිකක් සැකයකුත් හිතුනලු මේ දෙන්නා ට මොකක් හැරි අවුලක් තියන දෙන්නෙක් වත් ද  කියලා.කමක් නෑ කියලා අන්කල් එක්ක අදාළ දේවල් කතා කරාලු.එතකොටම ඇන්ටි ඇවිත් අර කොලේ දුන්නලු.

       "මෙන්න පුතා දිශා ටික" කියලා.
       ඉතිං මෙයා අන්කලුයි ඇන්ටි එක්ක ප්ලෑන් එකට අවශ්‍ය විස්තර කතා කරාලු.
      ටික වෙලාවකින් අන්කල් "පුතා කොළඹ වැඩ කරාද?"ඇහුවලු.
        "ඔව් අන්කල් වැඩ කරා ඇයි ?
        "නෑ දැකල පුරුදුයි"
        "නෑ අන්කල් ට මාව දකින්න විදියක් නෑ."
        "නෑ නෑ පුතා මම මේ පෙරේදත් කොළඹ ගිහින් ආවේ.."
       එතකොට ඇන්ටි හරි සතුටින් හිනා උනාලු...
        "අර පුතා ලෝක වෙළඳ මධ්‍යස්ථාන බිල්ඩින් එකේ තියෙන්නේ ෂා එෆ් එම් එක.ඒකට මම ගියා.අර ෂා එෆ් එම් වාලම්පුරිය ට අපි කාර්ඩ් 5000ක් ලිව්වා..ඒත් ඒවා අරන් යන්න එන අය ඒ වෙනකොට මෙහෙට ඇවිත් ගිහින්.ඉතිං ෂා එකට කෝල් කරලා ඇහුවම පුළුවන් නම් ගෙනත් දෙන්න කිව්වා.මම හදිස්සියේම ඒක ගිහින් දීල ආවේ."ඒ අන්කල්.
       "ඒකෙ අය කිව්වා ඔයාලට අනිවාර්යෙන්ම මේකෙන් ලොකු ත්‍යාග මුදලක් හම්බෙයි.බලාපොරොත්තුවෙන් ඉන්න කියලා.එකේ සල්ලි හම්බුනාම තමයි අපි මේ වැට ගහලා ගේ වැඩ පටන් ගන්න ඉන්නේ."ඇන්ටි කියපි....
        ☺☺☺මගේ මහත්තයට හිනා වෙන්නත් බෑ ලු තරහත් ගියාලු.
       "අපි කලිනුත් සැරයක් දැම්ම.ඒත් වැඩේ මිස් උනා.මේ සැරේ නම් හරි.."අන්කල්...
      මොනවා කරන්නද..පව් වයසක ජෝඩුවට බනින්නද?හිනා වෙන්නද?
      "හරි අන්කල් එහෙනම් මගේ කාර්ඩ් එක තියනවනේ.පුතාට කියන්නකෝ මට කෝල් එකක් දෙන්න කියලා."
       එහෙම කියලා ආවලු එන්න

     
     

Thursday, December 14, 2017

බව්වා


කූක්....කූක්....
අපි රෑ කෑම කාලා ඉවර වෙනකොට සාලෙන් සද්දයක් ඇහුනා...අපි දෙන්න ගිහින් බලනකොට පොලොස් ගෙඩියක් වගේ බලු කුක්කෙක් ගේ ඇතුළේ...නැට්ට වන වනා... ඇඹරි ඇඹරි බයේ ඉන්නවා අපි ගහයි කියලද දන්නේ නෑ..පව්..
          සාලේ තියාගන්න බැරි නිසා අපි ඉතිං එලියට දැම්මා...කුස්සිය පැත්තෙන් ගිහින් බිස්කට් එකක් කුඩු කරලා දැම්මා..අනේ ඌ කන්න දන්නේ නෑ තාම කිරි බොන වයසේ...
            ආ...ඊයේ ගෙනාපු කිරි හට්ටියේ කිරි ටිකක් තියනවනේ...බතුත් එක්ක අනලා ඌට දුන්නා..අනේ කාගෙන කාගෙන ගියා...
            මට හිතුනේ මෙහෙමයි...ඌ උයාගෙන කන්නද අනේ මට බඩගිනි කියල ඉල්ලගෙන කන්නද?යන්න තැනක් නැතුවනේ ඇවිල්ලා තියෙන්නේ...ඔන්න ඔහේ හිටපුදෙන්...
            ගෙදර අය නම් වැඩිය කැමති උනේ නෑ..බැල්ලි පැටියෙක් නිසා...නැන්දම්මා උදේ ඌව උස්සගෙන කොහෙට හරි ගිහින් දාන්න ලෑස්තිය.මහත්තය කිව්වා එපා අම්මා ඔන්න ඔහේ ඉන්නවා නම් හිටපුදෙන්...ලොකු උනාම බෙහෙත් විදලවත් තියාගමු කියලා..
පහුවදා..........
           මහත්තයා නානකොට එතෙන්ට ඇවිල්ලා නැට්ට වන වනා නටනවලු හරි සතුටෙන්...හරියට පොඩි ළමයි වතුරට ආසාවේ වගේ...ඌ ට සතුටු නැතැයි දැන් වේල් කීපයක් කන්නත් දුන්නා ඉන්න රෙදි දාලා පෙට්ටියකුත් හදලා දීලා නැන්දම්මා...මූ ලඟින් පොඩි ගඳකුත් ආව නිසා මහත්තය මූව නාවලා..ඒ වෙලේ ඉඳන් ඌට අමුතු ජොලියක් ගිහින්ලු...උඩ පනිනවලු දුවනවලු සෙරෙප්පු අදිනවලු...පිස්සු කේස් එකක්...
         එදා රෑ නැන්දම්මා කිව්වා පුතේ මූව ගෙයක් ලඟින් ගිහින් දාමු කියලා...මම සද්ද නෑ."අපි ඌ ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා...දැන් හැම වෙලේම ගෙට එනවා...දොරවල් වහගෙනම ඉන්නද ඒ නිසා ගිහින් දාමු..."ඒ නැන්දම්මා...
         එහෙනම් බයික් එකේ අපි දෙන්න ගිහින් දාලා එමුද කියල අරයා මගෙන් ඇහුවා...කවදාවත් එයා කියන දේකට බෑ කියල නැති උනත් ජීවිතේ පලවෙනි වතාවට මම කිව්වා අනේ මට නම් බෑ ඒ වැඩේ කරන්න කියලා...
        ඌව ගිහින් දාන්න හැදුවේ ඕන සතෙක් ආවාම කන්න දීලා එලවන්නෙත් නැතුව ඔහේ ඉන්න අරින නැන්ද කෙනෙක්ගේ ගෙයක් ලඟට..ඒ නිසා වැඩේ වරදක් නැතුව ඇති.එත් මට හිතට එකඟව ඒක කරන්න බෑ.ගෙදර ඉන්න සත්තු පන්සල් වල පාරේ ගිහින් දාන මිනිස්සුන්ට අපි බනින්නේ කොහොමද?ඉතින් එහෙම බනින අපිම ඒ වරද කරන්නේ කොහොමද?අප්පා මට නම් බෑ..ඌ ගිහින් දැම්මට පස්සේ වාහනේක හැප්පිලා මැරුණා කියන ආරංචිය අවොත්,කන්න නැතුව වැටිලා ඉන්නවා කියල දැනගන්න ලැබුනොත් මමනේ ඌව ගිහින් දැම්මේ කියන වරදකාරී හැංගීමෙන් මට මිදෙන්න බැරි වෙයි..
         කීප වතාවක්ම නැන්දම්මා කිව්වා ගිහින් දාන්න කියලා.....මම නෝ කතා...අරයත් කරන දෙයක් හිතාගන්න බැරුව ඉන්නවා..එයා කිව්වා එහෙනම් අම්මා අපි   දෙන්නා ගිහින් දාමු කියලා..ඇයි දුවට බැරිද?නැන්දම්මා අහපි...මම නෝ කතා...හහ් ආයේ අපි ඌ  ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා...ආයෙත් පරණ වාක්‍යම දෙතුන් සැරයක් කිව්වා...නැන්දම්මටත් මේ කරන්නේ වරදක්දෝ කියන හැංගීම එන්න ඇති මම හැසිරුණ විදියට.ඒ වරද සාධාරණීකරණය කරගන්න තමයි අර වගේ කතා කියා කියා හිත හදාගන්නේ.
        කරන්නේ වරදක් කියල හර්ද සාක්ෂියට දැනෙනවා නම් අපේ පහසුව පිණිස වරද ජස්ටිෆයි කරන්න මම කැමති නෑ.. නොදැන කෙරුවත් වරද වරදමයි.
         කොහොම හරි අම්මයි පුතයි දෙන්නා බව්වා ගිහින් දාලා ආවා...අර නැන්දලගේ ගේ ළඟ ඌ කූ කූ ග ගා කෑ ගහනවා අපේ ගෙදරට ඇහෙනවා.වෙන ලොකු බල්ලොත් ඌ   ට පාර්ට් දානවා ඇහෙනවා...මට දුකයි...හැබැයි මම ගිහින් දැම්මා නම් ඒ දුක දෙගුණ වෙනවා...මට කරන්න දෙයක් නෑනේ ඉතින්...නැන්දම්මා නම් න් දාලා ආව වෙලේ ඉඳන් අර වාක්‍ය "අපි ඌ ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා..."   කියා කියාමයි නින්දට  ගියේ...එයාට වරදකාරී හැංගීමෙන් මිදෙන්න අමාරු ඇති...
     
         මේ සිද්ධිය නිසාම නෙමෙයි...මිනිස්සු පවක් වරදක් කරන්න සිද්ධ උනාම ඒක සාධාරණීකරණය කරගෙන කරනවා..එහෙම කරා කියලා විපාක අඩු වෙයිද කවදාවත්?එහෙනම් බුද්ධ දේශනාවෙන් රිංගලා ඕන පවක් කරන්න පුළුවන්නේ විපාක නැතුව...

         

නියං ආධාරේ



පහුගිය කාලේ තිබුන පෑවිල්ලට කුඹුරු මරුන නිසා ඒ අයට නියං ආධාර විදියට රුපියල් පන්දාහක බඩු මල්ලක් දෙන කතාවක් තිබුනා නේද?ඔන්න අපේ ගෙදරිනුත් එකට කොලයක් පුරවලා දුන්නා...මාමණ්ඩිගේ (හබී ගේ තාත්තා) නමට කුඹුර තියන නිසා ඒ නමින් කොලේ පුරවලා දුන්නා...
            ෂාහ් සුබ ආරංචියක් ☺..
ඔන්න අපේ නමත් නියං ආධාර දෙන ලිස්ට් එකේ තියනවලු....හැබැයි ආධාර දෙන්න එක කොන්දේසියක් පිට....ඒ මොකද්ද ඒ?
     " නියං ආධාර දෙන්න නම් ලිස්ට් එකේ නම තියන සියලු දෙනා දවස් පහක් ගමේ ශ්‍රමදානෙකට එන්න ඕන"
එහෙම නීතියක් කොහේ හරි කවුරු හරි පනවලා තියනවද?ඔය නියං ආධාර දෙන අදාළ ආයතනයකින් හරි?මම දන්නේ නැති නිසයි අහන්නේ...
     කමක් නෑ ඉතින් ගම නේ සුද්ද කරන්නේ කියලා අපේ නැන්දම්මා (හබී ගේ අම්මා) ගියා ශ්‍රම දානෙට.අපේ එක්කෙනා එපා කියද්දී කමක් නෑ රජයෙන් දෙන එකනේ කියලා දවසක් ගියා දෙකක් ගියා දෙවැනි දවසේ උදේ දහයට විතර කිව්වලු අනු පවුල් වල නම් දාල තියන අයට විතරයි ආධාර දෙන්නේ කියලා.
      අනු පවුල් කියන්නේ ප්‍රධාන පවුලේ පුතාලා දුවලා කසාද බැඳලා හැදෙන පවුල්.
ඉතිං දෙයියනේ කුඹුරු පාලු උනේ ඉඩම් හිමියන්ගේ.කොලේ නම දාන්න තිබුනෙත් ඉඩම් හිමියාගේ.හැබැයි ආධාර දෙන්නේ අනු පවුල් වලටලු.
     ඉතිං ආධාර ලැබෙන්නේ නැත්නම් මොනවට ඉන්නවද කියලා නැන්දම්මා ආපහු ඇවිල්ලා...

අනේ මන්දා කාගේ නීතිද කියලා...අපේ මාමණ්ඩි කියන්නා වගේ මේ ලෝකේ එකම බොරු ගුලියක්...