Thursday, December 14, 2017

බව්වා


කූක්....කූක්....
අපි රෑ කෑම කාලා ඉවර වෙනකොට සාලෙන් සද්දයක් ඇහුනා...අපි දෙන්න ගිහින් බලනකොට පොලොස් ගෙඩියක් වගේ බලු කුක්කෙක් ගේ ඇතුළේ...නැට්ට වන වනා... ඇඹරි ඇඹරි බයේ ඉන්නවා අපි ගහයි කියලද දන්නේ නෑ..පව්..
          සාලේ තියාගන්න බැරි නිසා අපි ඉතිං එලියට දැම්මා...කුස්සිය පැත්තෙන් ගිහින් බිස්කට් එකක් කුඩු කරලා දැම්මා..අනේ ඌ කන්න දන්නේ නෑ තාම කිරි බොන වයසේ...
            ආ...ඊයේ ගෙනාපු කිරි හට්ටියේ කිරි ටිකක් තියනවනේ...බතුත් එක්ක අනලා ඌට දුන්නා..අනේ කාගෙන කාගෙන ගියා...
            මට හිතුනේ මෙහෙමයි...ඌ උයාගෙන කන්නද අනේ මට බඩගිනි කියල ඉල්ලගෙන කන්නද?යන්න තැනක් නැතුවනේ ඇවිල්ලා තියෙන්නේ...ඔන්න ඔහේ හිටපුදෙන්...
            ගෙදර අය නම් වැඩිය කැමති උනේ නෑ..බැල්ලි පැටියෙක් නිසා...නැන්දම්මා උදේ ඌව උස්සගෙන කොහෙට හරි ගිහින් දාන්න ලෑස්තිය.මහත්තය කිව්වා එපා අම්මා ඔන්න ඔහේ ඉන්නවා නම් හිටපුදෙන්...ලොකු උනාම බෙහෙත් විදලවත් තියාගමු කියලා..
පහුවදා..........
           මහත්තයා නානකොට එතෙන්ට ඇවිල්ලා නැට්ට වන වනා නටනවලු හරි සතුටෙන්...හරියට පොඩි ළමයි වතුරට ආසාවේ වගේ...ඌ ට සතුටු නැතැයි දැන් වේල් කීපයක් කන්නත් දුන්නා ඉන්න රෙදි දාලා පෙට්ටියකුත් හදලා දීලා නැන්දම්මා...මූ ලඟින් පොඩි ගඳකුත් ආව නිසා මහත්තය මූව නාවලා..ඒ වෙලේ ඉඳන් ඌට අමුතු ජොලියක් ගිහින්ලු...උඩ පනිනවලු දුවනවලු සෙරෙප්පු අදිනවලු...පිස්සු කේස් එකක්...
         එදා රෑ නැන්දම්මා කිව්වා පුතේ මූව ගෙයක් ලඟින් ගිහින් දාමු කියලා...මම සද්ද නෑ."අපි ඌ ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා...දැන් හැම වෙලේම ගෙට එනවා...දොරවල් වහගෙනම ඉන්නද ඒ නිසා ගිහින් දාමු..."ඒ නැන්දම්මා...
         එහෙනම් බයික් එකේ අපි දෙන්න ගිහින් දාලා එමුද කියල අරයා මගෙන් ඇහුවා...කවදාවත් එයා කියන දේකට බෑ කියල නැති උනත් ජීවිතේ පලවෙනි වතාවට මම කිව්වා අනේ මට නම් බෑ ඒ වැඩේ කරන්න කියලා...
        ඌව ගිහින් දාන්න හැදුවේ ඕන සතෙක් ආවාම කන්න දීලා එලවන්නෙත් නැතුව ඔහේ ඉන්න අරින නැන්ද කෙනෙක්ගේ ගෙයක් ලඟට..ඒ නිසා වැඩේ වරදක් නැතුව ඇති.එත් මට හිතට එකඟව ඒක කරන්න බෑ.ගෙදර ඉන්න සත්තු පන්සල් වල පාරේ ගිහින් දාන මිනිස්සුන්ට අපි බනින්නේ කොහොමද?ඉතින් එහෙම බනින අපිම ඒ වරද කරන්නේ කොහොමද?අප්පා මට නම් බෑ..ඌ ගිහින් දැම්මට පස්සේ වාහනේක හැප්පිලා මැරුණා කියන ආරංචිය අවොත්,කන්න නැතුව වැටිලා ඉන්නවා කියල දැනගන්න ලැබුනොත් මමනේ ඌව ගිහින් දැම්මේ කියන වරදකාරී හැංගීමෙන් මට මිදෙන්න බැරි වෙයි..
         කීප වතාවක්ම නැන්දම්මා කිව්වා ගිහින් දාන්න කියලා.....මම නෝ කතා...අරයත් කරන දෙයක් හිතාගන්න බැරුව ඉන්නවා..එයා කිව්වා එහෙනම් අම්මා අපි   දෙන්නා ගිහින් දාමු කියලා..ඇයි දුවට බැරිද?නැන්දම්මා අහපි...මම නෝ කතා...හහ් ආයේ අපි ඌ  ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා...ආයෙත් පරණ වාක්‍යම දෙතුන් සැරයක් කිව්වා...නැන්දම්මටත් මේ කරන්නේ වරදක්දෝ කියන හැංගීම එන්න ඇති මම හැසිරුණ විදියට.ඒ වරද සාධාරණීකරණය කරගන්න තමයි අර වගේ කතා කියා කියා හිත හදාගන්නේ.
        කරන්නේ වරදක් කියල හර්ද සාක්ෂියට දැනෙනවා නම් අපේ පහසුව පිණිස වරද ජස්ටිෆයි කරන්න මම කැමති නෑ.. නොදැන කෙරුවත් වරද වරදමයි.
         කොහොම හරි අම්මයි පුතයි දෙන්නා බව්වා ගිහින් දාලා ආවා...අර නැන්දලගේ ගේ ළඟ ඌ කූ කූ ග ගා කෑ ගහනවා අපේ ගෙදරට ඇහෙනවා.වෙන ලොකු බල්ලොත් ඌ   ට පාර්ට් දානවා ඇහෙනවා...මට දුකයි...හැබැයි මම ගිහින් දැම්මා නම් ඒ දුක දෙගුණ වෙනවා...මට කරන්න දෙයක් නෑනේ ඉතින්...නැන්දම්මා නම් න් දාලා ආව වෙලේ ඉඳන් අර වාක්‍ය "අපි ඌ ට වරදක් කරනවා නෙමෙයිනේ...ගැහුවෙත් නෑ..කන්නත් දුන්නා..."   කියා කියාමයි නින්දට  ගියේ...එයාට වරදකාරී හැංගීමෙන් මිදෙන්න අමාරු ඇති...
     
         මේ සිද්ධිය නිසාම නෙමෙයි...මිනිස්සු පවක් වරදක් කරන්න සිද්ධ උනාම ඒක සාධාරණීකරණය කරගෙන කරනවා..එහෙම කරා කියලා විපාක අඩු වෙයිද කවදාවත්?එහෙනම් බුද්ධ දේශනාවෙන් රිංගලා ඕන පවක් කරන්න පුළුවන්නේ විපාක නැතුව...

         

37 comments:

  1. මෙච්චර ඉක්මනට පෝස්ට් දාන්ඩ එපෝ

    ReplyDelete
    Replies
    1. හත්දෙයියනේ තීන්ත වේලෙන්ඩ දීහං , මෙව්වා කියවන උන්ට රස්සාවල් කරනඩ , උයන්ඩ , වලං හේදන්ඩ , රෙදී හෝදන්ඩ , කඩේ යන්ඩ , මහිලා සමිති වලට යන්ඩ , රටේ දේසපාලනේ ගැන කතා කරන්ඩ , කොටු පයින්ඩ , ලෝදිය බොන්ඩ , ඒක එකාට අන්චි අදින්ඩ , කොච්චර වැඩ තියනවද ........ පැය 48 ක් වත් ඉදලා දාපං

      Delete
    2. හා හා එක තමයි නේද?....කොහොමත් පලවෙනි පෝස්ට් දෙකක් එක ළඟ දැම්මට ආයේ කාලෙකින් එකක් දාන්න බැරි වෙයි...

      Delete
  2. ඉක්මනට පෝස්ට් දාන්ඩ

    ReplyDelete
  3. අයියෝ එක්කෙනෙක් ඉක්මනට පෝස්ට් දාන්නලු තව එක්කෙනෙක් එපා ලු....සංසාරේ....

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ දාපු පෝස්ට් එකක් කියවල අදහස් දක්වන්න පාඨකයින්ට කාලය ‍දීල පෝස්ට් දාන්න කියලයි.

      Delete
    2. හෙහ් හෙහ් මම ඒක කිව්වෙ අපේ ගරු අටම්පහුර තුමාට නක්කියට. පෝස්ට් දෙකක් අතර දින 3-4 ක ගැප් එකක් තියන එක හොඳයි. එතුමා මේ බ්ලොග් එකට එයාගෙ බ්ලොග් එකේ දැන්වීමකුත් දාල තියෙනවා.

      Delete
    3. ඔන්න ඉතින් ඉයන්තුමාල අපිට සලකන විදිහ

      Delete
  4. නැන්දම්මා බලයද රජ කරන්නෙ. මමනං ඔය වගේ වෙලාවට මොකා කිවුවත් සතා එළියට දාන්නෙ නෑ. ගේ අස්සට එනවනං කූඩුවක් හදල එළියෙ තියන්න පුලුවන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම ඉතිං කාගේවත් දේවල් වලට බලපෑම් කරන්න යන්නේ නැහැ...නෑසුන කන් ඇතිව නොදැක්කා සේ ඉන්නවා...මේ ලෝකේ එහෙම නැතුව ඉහ ගහගෙන ජීවත් වෙන්න අමාරුයි අප්පා.....

      Delete
  5. අටමා පෙන්නූ පාරේ ආමි.
    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අටම්පහුරෙන් තමයි මම බ්ලොග් එක හදන හැටි පවා බලා ගත්තේ.නැත්නම් කොහේ බ්ලොග් හදන්නද?අටම්පහුර අපිට සැබෑ මග පෙන්වන්නෙක්...

      Delete
    2. ඔය අටම ෙමලෝ රහකට නැ දැං ලියන්නෙත් නෑ
      මටනං එපාෙවලා තියෙන්නෙ.
      ඕකගෙ ඔය අටවගත්ත ලබ්බ කියවලතමා බ්ෙලාග් කියවන්න ඇබ්බැහි උනේ.

      Delete
    3. හහ් නරක වෙලා හිටියි නිකන් කාලේ කන එකේ මේකක් කියෙව්වොත්...

      Delete
    4. කිවලා නතර උනානම් මදෑ

      Delete
    5. ලියන කොන්ත්‍රාත් එකක්‍රත් පැටවෙලා

      Delete
  6. හරි හරි දැන් නේ තේරුනේ...මම මේ පිස්සුවෙන් වගේ ලියන්න තියන කතා ටික ලියන්න ගියේ අමතක වෙයි කියලා.එහෙනම් සතියකට එකක් වගේ දැම්මා නම් හරි නේද?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ පිළිතුරු එන්නේ වෙනම කමෙන්ට් හැටියට. කමෙන්ට් වලට පිළිතුරු ලියන කොට එම කමෙන්ට් එක යටින් Reply කියල තියෙන එක ක්ලික් කරාම එන box එකේ ලියන්න.

      Delete
    2. එහෙම තමයි කොමෙන්ට් කරේ නම්..වැරදීමක් උනාද දන්නේ නෑ මට.බලමු.

      Delete
    3. අමතක වෙනවට ලියන්න පබිලිස් බොත්තම ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඔබන්ඩ එපා , හරි වැරදි බලලා හිමිහිට දාන්ඩ.... ඒ අතරේ හිමිහිට ලියලා ඩාප්ට් වල තියලා ෂෙඩුල් කරන්ඩ .... හොදට බලන්ඩ ඔයාට ඕන නං ලබන අවුරුද්දේ ඔටෝ පබ්ලීෂ් වෙන්ඩ දාන්ඩත් පුලුවන්

      Delete
    4. එහෙමත් පුලුවන්ද?කෝ බලමුකෝ ආයේ ලියද්දි...

      Delete
  7. අපේ නම් ගේ අස්සට විතරක් නෙමෙයි කාමරේ ඇතුලට හා ඇඳ උඩටත් එනවා.
    බල්ලන්ට අකමැති නැති අය අපේ ගෙදර එනවා, අකමැතිනම් දොරගාව කතා කරලා යනවා.
    බැල්ලි බල්ල පැටව් කියලා වෙනසක් නෑ. එලියට යැව්වෙ නැත්නම්.

    කවදහරි අනුන්ට ඕනෙ විදිහට නෙමෙයි තමන්ට ඕනෙ විදිහට ගෙදර ඉන්න තීරණය කලොත් සහ බැල්ලි පැටියෙක් ගත්තොත් ,එලියට පනින්නෙ නැතුව තියා ගන්න අපහසුනම් ගැබ් ගැනීම් වැලකීමේ බේත් විදින වැඩේ වැඩිය කරන්න එපා, ඔපරේට් කරවන්න.

    ReplyDelete
    Replies
    1. බෙහෙත් විදින එක හොඳ නැද්ද ඒ කියන්නේ?

      Delete
    2. ඉන්ජෙක්ශන් පර්මනන්ට් නෑනෙ. දිගටම දෙන එක සෞඛ්‍යයට ඒතරම් හොඳ නෑ කියලා කියනවා.

      Delete
    3. හා හා ඒකත් ඇත්ත තමයි.

      Delete
    4. P.S. අනිත් අය බල්ලා ගේ ඇතුලට එනවට අකමැති නම් ඉතින් තවදුරට ඒ ගැන කතා කරල වැඩක් නෑ. මට එහෙම අය තේරුම් ගැනීමට අපහසු හා අප්‍රසන්න නිසා මං සාමාන්‍යයෙන් පුලුවන් ඉක්මනට කතාවෙන් මග ඇරල යනවා. ඔබ එහෙම නැති නිසයි කිව්වෙ

      Delete
    5. එක එක්කෙනාගේ හැටිනේ ඉතිං.අපිට ඕවා වෙනස් කරන්න බැහැ

      Delete
    6. කකුල් හතරේ බල්ලෝ ගේ ඇතුලට ආවාට කමක් නෑ ප්‍රා ජේ තුමනි .... කකුල් තුනේ බල්ලෝ තමයි හතර මායිමට වැද්දාගත නොයුත්තෙ

      Delete
    7. 8M Raftතුමා එනකම් අපේ කකුල් 4 අය බලා ඉන්නවා

      Delete
  8. මට නං පේන්න බැරි වැඩක් තමයි සත්තු පාරවල් වල අතරමං කරන එක. මොකා කලත් අපරාධයක්.

    තමන් බේරිලා වෙනකෙනෙක් බාරගනියි කියල ගිහින් දානවා, එක්කො කන්න බොන්න නැතුව මැරිල යනවා නැතිනං වාහන වලට යටවෙනවා.

    ReplyDelete
  9. ඔන්න මමත් මෙහෙ ආවා හොදේ

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි සාදරයෙන් පිලිගන්නවා...

      Delete
    2. දැන් ඉතින් ඉවරයි... බ්ලොගිය ඉවරයි.. කාන්තා පර්ශවේ මේ දැන් ආව නොවැ.. හැක් හෑක..

      - ජේ මා -

      Delete
    3. හහ් එහෙම ඉවර වෙන්නේ නෑ...

      Delete