Thursday, December 14, 2017
නියං ආධාරේ
පහුගිය කාලේ තිබුන පෑවිල්ලට කුඹුරු මරුන නිසා ඒ අයට නියං ආධාර විදියට රුපියල් පන්දාහක බඩු මල්ලක් දෙන කතාවක් තිබුනා නේද?ඔන්න අපේ ගෙදරිනුත් එකට කොලයක් පුරවලා දුන්නා...මාමණ්ඩිගේ (හබී ගේ තාත්තා) නමට කුඹුර තියන නිසා ඒ නමින් කොලේ පුරවලා දුන්නා...
ෂාහ් සුබ ආරංචියක් ☺..
ඔන්න අපේ නමත් නියං ආධාර දෙන ලිස්ට් එකේ තියනවලු....හැබැයි ආධාර දෙන්න එක කොන්දේසියක් පිට....ඒ මොකද්ද ඒ?
" නියං ආධාර දෙන්න නම් ලිස්ට් එකේ නම තියන සියලු දෙනා දවස් පහක් ගමේ ශ්‍රමදානෙකට එන්න ඕන"
එහෙම නීතියක් කොහේ හරි කවුරු හරි පනවලා තියනවද?ඔය නියං ආධාර දෙන අදාළ ආයතනයකින් හරි?මම දන්නේ නැති නිසයි අහන්නේ...
කමක් නෑ ඉතින් ගම නේ සුද්ද කරන්නේ කියලා අපේ නැන්දම්මා (හබී ගේ අම්මා) ගියා ශ්‍රම දානෙට.අපේ එක්කෙනා එපා කියද්දී කමක් නෑ රජයෙන් දෙන එකනේ කියලා දවසක් ගියා දෙකක් ගියා දෙවැනි දවසේ උදේ දහයට විතර කිව්වලු අනු පවුල් වල නම් දාල තියන අයට විතරයි ආධාර දෙන්නේ කියලා.
අනු පවුල් කියන්නේ ප්‍රධාන පවුලේ පුතාලා දුවලා කසාද බැඳලා හැදෙන පවුල්.
ඉතිං දෙයියනේ කුඹුරු පාලු උනේ ඉඩම් හිමියන්ගේ.කොලේ නම දාන්න තිබුනෙත් ඉඩම් හිමියාගේ.හැබැයි ආධාර දෙන්නේ අනු පවුල් වලටලු.
ඉතිං ආධාර ලැබෙන්නේ නැත්නම් මොනවට ඉන්නවද කියලා නැන්දම්මා ආපහු ඇවිල්ලා...
අනේ මන්දා කාගේ නීතිද කියලා...අපේ මාමණ්ඩි කියන්නා වගේ මේ ලෝකේ එකම බොරු ගුලියක්...
Labels:
මගේ සටහන්
Subscribe to:
Post Comments (Atom)
සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මෙව්වා එකේ නීති තමයි ඉතින්.
ReplyDeleteලංකාවේ ක්‍රමය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඇඟේ ලේ රත් වෙනවා විතරයි.
(Title කියල තීරුවක් තියෙන්නේ title එක දාන්න. :(
site එකට ආවම පොස්ට් එකට navigate වෙන්න post title එක ඕන.)
ඔන්න වැරැද්ද හැදුවා.දැන් හරිද බලන්න.
Deleteආපු පලමුවෙනි දවස. සුභ පැතුම්
ReplyDeleteස්තුතියි...
Deleteඕක අද ඊයේ කතාවක් නෙමෙයි ළමයා ... නියං ආදර හැම දාම දුන්නේ එහෙම , දැනට අවුරුදු තිහකට කලිනුත් එහෙමයි
ReplyDeleteඅහා එහෙමද?කව්ද ඉතින් දන්නේ..
Deleteඔය දෙතැත්තේ නිකං තියන ඉඩ ටික අයින් කරලා බ්ලොග් එක පළල් කරලා පොස්ට් එකට වැඩි ඉඩක් දීලා , අකුරු යාන්තමට ලොකු කලොත් නරකද
ReplyDeleteඅගෙයි දිගටම ලියමු. ෆොන්ට් සයිස් ලොකු කළොත් හොඳයි වගේ.
ReplyDelete1- මාස හයක් එක දිගට බේත් බීල වගේ....කැස්ස නෑ අද.
Delete2- ඇස් පේන්නැත්නම් නොකියවා ඉන්නෙක හොඳයි නෙව?
බොහොම ස්තුතියි අඩුපාඩු පෙන්නලා දෙනවට..ෆොන්ට් සයිස් ලොකු කරන්නම්..
ReplyDeleteඅමාලි අක්කෙ රිප්ලයි කරනකොට නෝමල් කොමෙන්ට් එකේ දාන්න එපා අදාල කොමෙන්ට් එක යටින් තියෙන රිප්ලයි කියන එක උඩ ක්ලික් කරලා රිප්ලයි එක දාන්න.. මුලින් ඔහොම තමා.
Delete- ජේ මා කාලී -
හරි හරි එකනේ මේ අඩුපාඩු තියනවා ඉතිං
Delete