Wednesday, December 13, 2017

ඔක්කොම හොඳටයි-01


අමාලි අලුත් ඉස්කෝලේ හය වසරට ශිෂ්‍යත්වේ පාස් වෙලා ආවේ හරිම ආසාවකින්.හැබැයි හිතේ පොඩි චකිතයකුත් තිබුනා.එයා ගත්තු තීරණේ සතුටට හේතු වෙයිද නැද්ද කියලා.මොකද්දෝ නුහුරු නුපුරුදු බවක් අලුත් ඉස්කෝලේ දී දැනුනා...
                 එයා ශිෂ්‍යත්වේ පාස් උනාට හය වසරේත් අගෝස්තු මාසේ වෙනකල් එයාට අලුත් ඉස්කෝලයක් ආවේ නෑ.අම්මලා එක එක ඉස්කෝල වලට දාන්න හැදුවත් එයාට ඕන උනේ එහා ගෙදර අක්කා යන ඉස්කොලෙටම යන්න.නිමේෂා අක්කා අමාලිගේ මොඩල් එක වෙලා තිබුනේ.එයා කරන දේ මයි අමාලිටත් කරන්න ඕන උනේ.ඒ නිසා ඒ ඉස්කොලෙටම යන්න ඕන කියන හැගීමෙන් මිදුනෙම නෑ.අමාලිගේ පෙරත්තයටම අම්මයි අප්පච්චියි අලුත් ඉස්කෝලෙට ගිහින් හොයල බලලා එවන්න පරක්කු වෙලා තිබුන ලියුම අරගෙන ඉස්කෝලෙට මෙයාව දාගත්තා.ඔය පරක්කුව නිසා එයා ඉස්කෝලෙට යනකොට පන්තියේ අනික් ළමයි ඉස්කෝලෙට ඇවිල්ලා මාස කීපයක්.ඒකයි මෙයාට නුහුරු නුපුරුදු ආගන්තුක බවක් දැනුනේ.
               ඒත් අලුත් යාලුවෝ මෙයාව ආදරෙන් පිළිගත්තා.හැමෝම යාලු උනා.කතා කරා..අමාලිගේ අප්පච්චී සර් කෙනෙක්...අමාලි කලින් හිටපු ඉස්කෝලේ තමයි වැඩ කරේ.ඒ නිසා ඒ කාලේ එයාට ගුරුවරුන්ගේ විශේෂ වරප්‍රසාද ලැබුනා.හැබැයි අලුත් ඉස්කෝලෙදි ඒ හැමදේම අහිමි උනා.අමාලිට ඒ අඩුවත් ටිකක් දැනුනා.කලින් එකේ හිටියා නම් අනිවාර්යෙන් පළවෙනියා.ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයිම හතළිහකින් අමාලි දහ අට වෙනියා..පොඩි දුකක් මදිකමක් වගෙත් දැනුනා.හැබැයි වැඩේ අතෑරියේ නෑ.ටිකෙන් ටික පස් වෙනියා හය වෙනියා තත්වෙට අමාලි ආවා.
               අමාලි කියන්නේ ටිකක් දුක් විඳපු කෙනෙක්.ඒ මොකද එයාගේ අප්පච්චී සර් කෙනෙක් උනාට හොඳටම බීමට ඇබ්බැහි වෙලා හිටියේ.අම්මා නර්ස් කෙනෙක්.අමාලි පුංචිම දවස් වල අම්මා නර්සින්ග් ස්කූල් එකේ ට්‍රේනිං.දෙන්නම රජයේ සේවකයෝ උනත් අප්පච්චිගේ බීමත්කම නිසා ලොකු දියුණුවක් තිබුනේ නෑ..අමාලි ශිෂ්‍යත්වේ ලියනකල්ම හිටියේ පොල් අතු ගෙදරක.පාඩම් කරද්දී කුප්පි ලාම්පුව පෙරලිලා ගිනි ගත්තා කීප සැරයක්ම.බීලා ඇවිල්ලා අම්මා එක්ක අප්පච්චී රණ්ඩු කරනකොට අමාලි කිරි අම්මලාගේ ගෙදර එක්ක යනවා.අම්මා ට්‍රේනිං ගියාම අප්පච්චී යාලුවෝ එක්ක බොනවා.අමාලිගේ ලොකු මාමා ඇවිල්ලා අප්පච්චිට බැනලා අමාලිව එක්කන් යනවා.හැබැයි අප්පච්චිට හිතුනාම සමහර දවස් වලට මාර හොඳයි.අමාලිව නවල කවලා ඇඳුම් සෝදලා ඔක්කොම කරනවා.ඒ තරම් හොඳ මනුස්සයෙක් තවත් නැහැ.බිව්වේ නැත්නම් දෙවියෙක්.මේ නිසා අප්පච්චිගේ බීම ගැන අමාලි තරහක් තියාගත්තේ නෑ.හැබැයි දුකෙන් හිටියේ.
              අමාලිගේ අම්මා දැන් නර්ස් කෙනෙක්.ඔන්න ටික කාලෙකින් අමාලිට නංගියෙක් හරි මල්ලියෙක් හරි එන ආරංචියකුත් ආවා...එතකොට අමාලි හතර වසරේ...අමාලි ඉල්ලුවෙම නංගි කෙනෙක්.ඇයි දන්නවද මල්ලි කෙනෙක් අවොත් ලොකු වෙලා අප්පච්චී වගේ බීමට යයි කියලා....ඒ තරම්ම අකමැතියි මේ බීමට අමාලි.දවසක් කොන්දේ කපන්න ගිහින් අමාලිගේ කොන්ඩේ කපනකල් අප්පච්චී අතුරුදහන්.ඉවරවෙලා බලනකොට සැලුන් එක ගාව බිම ඉඳගෙන.බීලා වැඩිකමට නැගිටලා යන්න බෑ.අමාලි මොනවා කරන්නද අප්පච්චිගේ සාක්කුවෙන් රුපියල් තුනක් අරන් බස් එකක ගෙදර ආවා...එතකොට අමාලි තුන වසරේ විතර ඉන්න ඇති.ඒ එක සිද්ධියක්.
              ආයේ අමාලිගේ පුංචිට බබා හම්බුනා දවසේ අමාලියි අප්පච්චියි දෙන්න ඉස්පිරිතාලෙට යන්න පාරට ආවා.බස් එකට මාරු නෑ කියලා තැඹිලි කඩේට ගියා සල්ලි මාරු කරන් එන්න.තැඹිලි කඩේ කියන්නේ අප්පච්චී බොන තැන.කඩෙන් එලියට එනකොට අප්පච්චිගේ මුණ ටිකක් වෙනස් වෙලා..හරි ඔන්න අදත් බීලා.කොහොම හරි දෙන්නා බස් එකකට නැග්ගා.ටිකක් දුර යනකොට අප්පච්චිගේ ලොකු වෙනසක් තේරුනා...හොඳටම මත් වෙලා සිහියත් අඩුයි වගේ.ඉස්පිරිතාලෙට යන්න බහින්න ඕන තැනත් පහු උනා අප්පච්චිට බහින්න සිහියක් නෑ.අමාලි අප්පච්චිව ඇහැරවන්න ට්‍රයි කරා..ම්හු...නෝ කතා..වැනෙනවා විතරයි.අමාලි හයියෙන් කෑ ගැහුවා අපි මෙතනින් බහිනවා කියලා..හෝල්ට් එකක් පහු වෙලා බස් එක නැවැත්තුවා..අමාලි අප්පච්චිවත් අල්ලාගෙන බැස්සා.තව කීප දෙනෙකුත් බැස්සා.අප්පච්චිට බස් හෝල්ට් එක අල්ලාගෙන ඉන්න බෑ වැනෙනවා.එතන හිටපු අන්කල් කෙනෙක් මේ සිද්දිය බලාගෙන.ඇවිත් ඇහුවා පුතේ කොහෙටද යන්න ඕන කියලා.විස්තරේ කිව්වම මම ඔයාව ගිහින් දැන්නම් කියලා අමාලිව විතරක් එක්කගෙන ගියා.අමාලි යන්නේ එයාගේ අම්මත් වැඩ කරන ඉස්පිරිතාලේටමයි.අමාලි පාර දන්නවා ඒ නිසා.අර අන්කල් යනගමන් කියනවා පුතේ ඔයා පාර දන්නවනේ මම ඔයාව වෙන කොහේ හරි එක්ක යනවා වගේ තේරුනොත් කියන්න කියල.බය වෙන්නත් එපා කිව්වා.කොහොම හරි අමාලිව අම්ම වැඩ කරන වාට්ටුවට එක්ක ගියා.අමාලිව අම්මට දීලා අර අන්කල් මෙහෙම කිව්වා.මිස් මම දුවව එක්කන් ආවේ.මෙන්න මගේ නමයි ඇඩ්රස් එකයි.මොනවා හරි ප්‍රශ්නයක් නම් කියන්න.වෙන මොනවද මගෙන් කෙරෙන්න ඕන කියලත් ඇහුවා.අම්මා කොච්චර අසරණ වෙන්න ඇත්ද?කොච්චර බය හිතෙන්න ඇත්ද?පුළුවන් නම් මහත්තය එක්කගෙන එන්න කිව්වා.ඒ අන්කල් ඒ වැඩෙත් කරා....එයින් පස්සේ අම්ම අමාලිව අප්පච්චී එක්ක ගමන් යැව්වේ නැති තරම්.නයිට් ඩියුටි දවසටත් අප්පච්චී බීල නම් අම්ම අමාලිව එක්ක ගියා.
             ඔන්න ඔහොමයි අමාලි ශිෂ්‍යත්වේ ලියනකල් ගත උනේ.
           

18 comments:

  1. ඔව් ඔව් සත්‍ය සිදුවීමක් ඇසුරෙන්...තව දිගයි කතාව..ටික ටික ලියන්නම්.මගේ බ්ලොග් එකට ආව පලවෙනි කමෙන්ට් එක ඔබතුමාගෙන්.දිගටම කියවන්න කියල ආරාධනා කරනවා...

    ReplyDelete
  2. එල එල අමාලී
    හ්ට්ට්ප්://රන්වන්මකර.බ්ලොග්ස්පොට්.චොම්/

    http://ranwanmakara.blogspot.com/
    - ජෑ මා කාලී -

    ReplyDelete
  3. අනේ අප්පේ මොකක්ද මේ කොරලා තියෙන්නේ.
    title එක තියෙන පොස්ට් එකේ වාක්‍යයි, අනිත් සම්පුර්ණ කතාව මාතෘකාවක් නැති පිටුවක.

    ලිවිල්ල හොඳයි. එත් කියවන්න වටේ යැව්ව හින්ද කොමෙන්ට් කරන්නේ නැහැ :/

    ReplyDelete
  4. අයියෝ මම මේ බ්ලොග් ලිවිල්ලට අලුත්.අඩු පාඩු කියලා දෙන්න..ඔන්න කියල දුන්නු වැරැද්ද හැදුවා..

    ReplyDelete
  5. සත්‍ය කතාවක්නම් ඉතා කණගාටුදායක කතාවක් බවයි කියන්න තියෙන්නේ...
    බ්ලොග් එකට සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් අවසානය.....???හොඳ වෙයි...බලමු...

      Delete
  6. බුදු අම්බෝහ්, පුල් සීරියල් !

    ReplyDelete
  7. මෙහෙම ජීවිත අප සමාජයේ නැතුවාම නොවේ
    විචාරක දියණිය

    ReplyDelete
  8. අපේ තාත්තත් මේ මොඩ්ල් එකමයි. හම්බ කරපු ඔක්කොම බීමට.

    ReplyDelete
  9. ඒ උනාට එහෙම අයගේ හිත හොඳයි..

    ReplyDelete