Monday, February 5, 2018

හර්ද සාක්ෂිය.....


අපිට අපේ ජීවිත දිහා බලන්න හොඳම කැඩපත තමයි හර්ද සාක්ෂිය.ඒකට එකඟව වැඩ කරනවා නම් මිනිස්සු හොර වැඩ ජරා වැඩ කුහක කම් කරන්නේ නෑ කවදාවත්.තමන් කරන දේ මොකද්ද ලෝකෙට පෙන්නනේ මොකද්ද හැබැයි හිතේ ඇත්තටම තියන අදහස මොකද්ද කියන තුනම එකක් වෙනවා නම් කියලා වැඩක් නෑ.අංක එකේ genuine මිනිස්සු කියන්නේ අන්න ඒ අයට.එහෙම කෙනෙක් හොයාගන්නවා කියන්නේ කළු නික හොයනවා වගේ වැඩක්.අඩු වැඩි වශයෙන් මම අපි හැමෝගෙමත් ඒ ගතිය නැති වෙලාවල් තියනවා.හැබැයි එහෙම ගතියක් ඇත්තෙම නැති අය තමයි වැඩි.
හර්ද සාක්ෂියට පිටුපාන්න අපිට තියා සතෙකුටවත් බැහැ.හොරා කාපු බල්ලෙක් බලලෙක් උනත් නැට්ට අකුලාගෙන බිම බලාගෙන ශේප් එකේ මාරු වෙන්න හදන්නේ උන් වරදක් කළා කියලා උන් දන්නා නිසා.

හැබැයි හොර බොරු වංචා කුහක කම් කරලා,ඉරිසියා කරලා හිත වල නරක අදහස් තියාගෙන ලෝකෙට හොඳ මුණ පෙන්නන මුකුත් නොකරා වගේ සත් ගුණවත් මිනිස්සු වගේ කිසි පීඩනයක් නැතුව ඉන්න මිනිස්සු අර හොරා කාපු බල්ලෝ බලලුන්ටත් හපන්.

කියමනක් අහලා තියනවා “කරන්න බැරි දේවල් කිව්වට කමක් නෑ කියන්න බැරි දේවල් කරන්න එපා”කියලා.ඕක තමයි ඉතිං අවංකව ජීවත් වෙන එකේ පදනම.

3 comments:

  1. අද තමා මේ පැත්තේ ආවේ මුලින්ම.. දිගටම ලියන්න සුබ පැතුම්!

    ReplyDelete
  2. ඇත්තම කතාව.මුලින්ම ඇවිත් හොඳ උපදෙසක් ලබා ගත්තා,ජය වේවා !

    ReplyDelete
  3. hmmm...
    ආපහු ලියන්නේ නැද්ද?

    ReplyDelete