Thursday, December 14, 2017

නියං ආධාරේ



පහුගිය කාලේ තිබුන පෑවිල්ලට කුඹුරු මරුන නිසා ඒ අයට නියං ආධාර විදියට රුපියල් පන්දාහක බඩු මල්ලක් දෙන කතාවක් තිබුනා නේද?ඔන්න අපේ ගෙදරිනුත් එකට කොලයක් පුරවලා දුන්නා...මාමණ්ඩිගේ (හබී ගේ තාත්තා) නමට කුඹුර තියන නිසා ඒ නමින් කොලේ පුරවලා දුන්නා...
            ෂාහ් සුබ ආරංචියක් ☺..
ඔන්න අපේ නමත් නියං ආධාර දෙන ලිස්ට් එකේ තියනවලු....හැබැයි ආධාර දෙන්න එක කොන්දේසියක් පිට....ඒ මොකද්ද ඒ?
     " නියං ආධාර දෙන්න නම් ලිස්ට් එකේ නම තියන සියලු දෙනා දවස් පහක් ගමේ ශ්‍රමදානෙකට එන්න ඕන"
එහෙම නීතියක් කොහේ හරි කවුරු හරි පනවලා තියනවද?ඔය නියං ආධාර දෙන අදාළ ආයතනයකින් හරි?මම දන්නේ නැති නිසයි අහන්නේ...
     කමක් නෑ ඉතින් ගම නේ සුද්ද කරන්නේ කියලා අපේ නැන්දම්මා (හබී ගේ අම්මා) ගියා ශ්‍රම දානෙට.අපේ එක්කෙනා එපා කියද්දී කමක් නෑ රජයෙන් දෙන එකනේ කියලා දවසක් ගියා දෙකක් ගියා දෙවැනි දවසේ උදේ දහයට විතර කිව්වලු අනු පවුල් වල නම් දාල තියන අයට විතරයි ආධාර දෙන්නේ කියලා.
      අනු පවුල් කියන්නේ ප්‍රධාන පවුලේ පුතාලා දුවලා කසාද බැඳලා හැදෙන පවුල්.
ඉතිං දෙයියනේ කුඹුරු පාලු උනේ ඉඩම් හිමියන්ගේ.කොලේ නම දාන්න තිබුනෙත් ඉඩම් හිමියාගේ.හැබැයි ආධාර දෙන්නේ අනු පවුල් වලටලු.
     ඉතිං ආධාර ලැබෙන්නේ නැත්නම් මොනවට ඉන්නවද කියලා නැන්දම්මා ආපහු ඇවිල්ලා...

අනේ මන්දා කාගේ නීතිද කියලා...අපේ මාමණ්ඩි කියන්නා වගේ මේ ලෝකේ එකම බොරු ගුලියක්...

12 comments:

  1. සිරි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මෙව්වා එකේ නීති තමයි ඉතින්.
    ලංකාවේ ක්‍රමය ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඇඟේ ලේ රත් වෙනවා විතරයි.



    (Title කියල තීරුවක් තියෙන්නේ title එක දාන්න. :(
    site එකට ආවම පොස්ට් එකට navigate වෙන්න post title එක ඕන.)


    ReplyDelete
    Replies
    1. ඔන්න වැරැද්ද හැදුවා.දැන් හරිද බලන්න.

      Delete
  2. ආපු පලමුවෙනි දවස. සුභ පැතුම්

    ReplyDelete
  3. ඕක අද ඊයේ කතාවක් නෙමෙයි ළමයා ... නියං ආදර හැම දාම දුන්නේ එහෙම , දැනට අවුරුදු තිහකට කලිනුත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. අහා එහෙමද?කව්ද ඉතින් දන්නේ..

      Delete
  4. ඔය දෙතැත්තේ නිකං තියන ඉඩ ටික අයින් කරලා බ්ලොග් එක පළල් කරලා පොස්ට් එකට වැඩි ඉඩක් දීලා , අකුරු යාන්තමට ලොකු කලොත් නරකද

    ReplyDelete
  5. අගෙයි දිගටම ලියමු. ෆොන්ට් සයිස් ලොකු කළොත් හොඳයි ‍වගේ.

    ReplyDelete
    Replies
    1. 1- මාස හයක් එක දිගට බේත් බීල වගේ....කැස්ස නෑ අද.
      2- ඇස් පේන්නැත්නම් නොකියවා ඉන්නෙක හොඳයි නෙව?

      Delete
  6. බොහොම ස්තුතියි අඩුපාඩු පෙන්නලා දෙනවට..ෆොන්ට් සයිස් ලොකු කරන්නම්..

    ReplyDelete
    Replies
    1. අමාලි අක්කෙ රිප්ලයි කරනකොට නෝමල් කොමෙන්ට් එකේ දාන්න එපා අදාල කොමෙන්ට් එක යටින් තියෙන රිප්ලයි කියන එක උඩ ක්ලික් කරලා රිප්ලයි එක දාන්න.. මුලින් ඔහොම තමා.

      - ජේ මා කාලී -

      Delete
    2. හරි හරි එකනේ මේ අඩුපාඩු තියනවා ඉතිං

      Delete